Friday, April 20, 2012

අපේ ගමේ තැන් - 1

අවුරුදු නිවාඩුවෙන් පස්සේ අද තමයි ඔන්න වැඩ ඇල්ලුවේ,
ඒ අතරේ මාඩා ගේ අම්බලම පටන් අරන් අවුරුද්දකුත් ගෙවිලා ගියා.. 
සෙවනැල්ලක් ලෙස 19 දෙනෙකුත්, මේ වෙද්දි අම්බලමට ගොඩවුන ගණන 1939 ත් විදියට සටහන් කරන්න පුළුවන්. ඒ වගේම අම්බලම 2/4/2012 දින ලාංකීය සිතුවිලි සිංඩියට ඇතුලත් වුනා, සිංඩි ගැන මාඩා දැනුවත් කරපු ගොල්ඩ් fish ට ගොඩක් ස්තුතියි.. ඉතිං මේ හැම දෙයක් එක්කම මාඩා, මේ අවුරුද්දේත් මාඩා ගේ අම්බලමේ ඉන්නවා..... ස්තුතියි අම්බලමේ සෙවනැල්ලක් වුනු, අදහස් දක්වපු, අදහස් නොදැක්කුවත් ගොඩවෙලා ගිය සියළුම දෙනාට.....
-----------------------------------------------------


මේ ළගදි දවසක් ගොල්ඩ් fish අපේ ගම් පලාත පැත්තේ ආවානේ.. ඇවිත් නා කියාගෙන ගිහින් සුපිරි ලිපියකුත් දාලා තිබුනා. ඔය වෙලාවෙදි මාළු යාලුවා මගෙන් ඇහුවා අම්බලන්ගොඩ තව මොනවද බලන්න තියෙන්නේ කියලා, ඒ වෙලාවේ එක පාරට ඔලුවට ආවේ නැතත් අවුරුදු නිවාඩුවේදි හිමින්සැරේ මඩා ඒ ගැන හොයලා බැලුවා.

මෙතන ඉදන් අම්බලන්ගොඩ ගැන පොඩි විස්තර ටිකක් දිග අරින්නයි හදන්නේ, 

අම්බලන්ගොඩ,
දකුණු පළාතේ ගාලු දිසාවේ පිහිටි තවත් එක් නගරයක්.
දකුණු මුහුදු සීමාවේ තිබෙන අනිකුත් නගර හා සැසදීමේදි සුනාමියෙන් අවම ජීවිත හානි සිදු වුනු නගරයක්, අධිවේගී මාර්ගයේ කුරුදුගහ පිවිසුමට ළගම ප්රධාන නගරය ලෙසත් අම්බලන්ගොඩ හදුන්වන්න පුළුවන්.
ඒ වගේම වැදගත්ම දේ තමයි, ඈත අතීතයේ ඉදල මේ වන තෙක්ම කිසිදු අන්‍යාගමික සිද්ධස්ථානයක් අම්බලන්ගොඩ තිබිලා නැ. නගරයේ වෙළදාමෙන් 80% ක් විතර සිංහල මිනිස්සු තමයි පාලනය කරන්නේ..

හරි පරිසර වර්ණනාව ඉවරයි. දැන් අදාල කාරණේට බහිමු,

අම්බලන්ගොඩ බලන්න තියෙන්නේ මොනව ද?

අධිවේගී මාර්ග භාවිතය දැන් සමාන්‍ය දෙයක් බවට පත්වෙලා නිසා කුරුදුගහ අධිවේගි පිවිසුමේ ඉදන් කතාව පටන් ගන්නම්..


ගලගොඩ පන්සල / කරන්දෙණිය පන්සල

කුරුදුගහ පිවිසුමෙන් අම්බලන්ගොඩ පැත්තට එනකොට ඇරව්විල හන්දියෙන් දකුණට හරවපු ගමන් ඇති පාර කෙලින්ම පන්සලට තමයි යන්නේ.. මේ පාරෙන් ගියාම යන වාහනය පන්සල අසලටම ගෙනයන්න පුළුවන්. කුරුදුවතු මැදින් යන මේ පාර ටික දුරක් ගියාම රළු වෙනවා.. ඒත් වාහනයට අවුලක් වෙන තරමටම රළු නෑ ඕං. 

ගල් තලාවක් උඩ තමයි පන්සල ගොඩ නගලා තියෙන්නේ, හැමදේටම වඩා විශේෂම දේ වෙන්නේ පන්සලේ තියෙන සැතපෙන පිළිම වහන්සේ.... දකුණු ආසියාවේ විශාලම සැතපන පිළිමය වෙන්නේ මේ පිළිමය කියලත් කියනවා. කාලෙකට කලින් වල් බිහිවෙලා තිබුන මේ පිළිමය දැන් ප්රතිසංස්කරණය කරන්න පටන් අරන්. මේ සැතපෙන පිලිමයට අමතරව වෙනම බුදු ගෙයක් මෙන්ම මෑතකදි නිර්මාණය කරපු සිදුහත් උපත දක්වන පිලිමෙකුත් පන්සලේ තියෙනවා. 

ප්රතිසංස්කරණය කරමින් පවතින පිළිමවහන්සේ

 සැතපෙන පිලිම වහන්සේ ඉන්න මේ මන්දිරේ තව අපූරු නිර්මාණ කීපයකුත් හදලා තියෙනවා,
ඒ තමයි එළාර - දුටුගැමුණු යුද්ධය. 
 
දුටු ගැමුණු රජු එළාර අවසාන සටනට

දුටු ගැමුණු රජු එළාර අවසාන සටනට

දුටු ගැමුණු මහා රජතුමා
මෙම නිර්මාණ සිදුකර නිර්මාණකරුවා සැතපෙන පිළිම වහන්සේ හා අනෙකුත් බුදු රූප හැර අන් සෑම නිර්මාණයක්ම සමාන්‍ය මිනිසෙකුගේ උසට නිර්මාණය කිරීමට වගබලාගෙන තියෙනවා, ගොඩක් අඩුවෙන් දකින්න තියෙන අවස්ථාවක් තමයි ඒ.. තව දෙයක් නිර්මාණකරු ඔහුගේ සත්‍ය ප්රමාණයේ පිළිමයක් මේ විහාර මන්දිරේ ඇතුලේ හදලා තියෙනවා. 

විහාර මන්දිරයේ අසහාය නිර්මාණකරු
විහාර මන්දිරයේ ඇතුලේ රූප ටිකක් මේ, මේ වගේ පිළිම නෙළන්න කොච්චර ඉවසීමක් කැපවීමක් ඉයෝනිස් උපාසක මහතා ළග තියෙන්න ඇද්ද.....



විහාර මන්දිරෙන් පිටත මුහුද දක්වාම පේන පුළුල් දර්ශණයක් බලාගන්නත් පුළුවන්... 



 පන්සලේ දි ඇස ගැටෙන තැන් ටිකක් තමයි මේ..



වාහනෙන් එන්න අකමැති අය ඉන්නවනම්, අත් අල්ල ගෙන ගල් පඩි නගින්නත් පුළුවන්
අකුරු දාහක් එක රූපෙකින් කියන්න පුළුවන් නේ ඒ නිසා වැඩිපුර පොටෝ කෑලි ටිකක් දැම්මා... වෙලාවක් තියෙන පිංවතුන් එහෙම ඉන්නවනම් ඇවිත් වන්දනා කරලා යන්න එන්න....

16 comments:

  1. අද තමා මේ පැත්තේ ආවේ..... අම්බලන්ගොඩ පැත්තේ ගියොත් අනිවා පන්සල බලන්න යනව....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ මේ පැත්තේ ආවට....

      වරෙන් වරෙන් තව තියෙනවා බලන්න..

      Delete
  2. නියම විස්තරයක්.

    ReplyDelete
  3. ෂහ් කියල වැඩක් නෑ බොහොම වටින සටහන් මිත්‍රයා
    ඔබට ජය - අපි එනව බලන්න මේ සටහන් - මේ කී තැන බලන්න යන්නත් ඕනේ - මග පෙන්නුවට පින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිස්ස අයියා...
      එන්න එන්න තව දෙවල් තියෙනවා බලන්න, හිමින් සැරේ ඒවත් දාන්නම්...

      Delete
  4. සිරාවට ලියා තියෙනවා..!
    මොකද්ද පාවිච්චි කරන කැමරාව බන්..??

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං....

      OLYMPUS T-110
      සමාන්‍ය ඩිජියක් බං.

      Delete
  5. මරු මචං.... තව මේ වගේ දේවල් තියෙනවානේ... ඒවත් ලියපං...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට දානවා මචං... අනිවා...

      Delete
  6. තව දේවල් තියෙනවනම් ඒවත් ලියමු.. අපි කැමතියි මේ වගේ දේවල් ගැන දැනගන්න..

    ReplyDelete
  7. කරන්දෙණිය මගේ ගම. ඔය පුතා කරපු දේ බොහොම හොඳ වැඩක්. ගලගොඩ පන්සල ගැන නොදන්නා අයට මේ මාර්ගෙන් දන්වපු එක ගැන බොහොම හොඳයි.

    මට දැන් වයස 62ක් වෙනවා. මට මතකයි මම කුඩා කාලයේ ඉයොනිස් උපාසක මහත්තය(අඹපු පිලිමයෙ ය චායාරූපයක් ඉහත තිබේ) ආදාර එකතු කිරීම සඳහා පයින්ම ඇවිදිනවා. එයා වයස යනකම්ම පින්කම්කම් කලා. මට මතකයි වයස නිසා හිමින් හිමින් ඇවිදිනව. අපේ ගෙදරටත් ඇවිත් පන්සලේ කටයුතු සඳහා ආදාර එකතු කරා.

    ඔබට මේවගේ තව වාර්තා ලියන්න ධහිරිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි අම්බලමට ගොඩ උනාට මිස්...

      ගමේ අය ගියාට වෙන වෙන පැතිවල අය මේ ගැන දන්නේ ගොඩක් අඩුවෙන්,
      එකයි පුංචියට හරි මේ වගේ පෝස්ට් එකක් දැම්මේ..

      ඇත්තටම ලොකු හයියක් මිස් මේ පැත්තට ආපු එකට..

      Delete